"ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සුපිරි අවන්හලකී.පිරිසිදු ඇදුමින් සැරසුණු සේවකයෙකු රන්හූයෙන් වැඩ දැමූ පීරිසි කෝප්පයකට උණු වතුර ගෙන ආවේය.කෝපි ලුවාක් නමැති ලේබලය සහිත සීල් කළ පැකට්ටුවක් ඔහු ඊළගට ගෙන ආවේ භක්තියෙන් මෙනී.පැකට්ටුවේ ඇති දෙය කෝප්පයකට හැලූ ඔහු ප්‍රවේශමෙන් එය කලතා පිළිගැන්වීය.විනාඩි දෙකකට පසු අමුත්තාට කෝපි කෝප්පයේ රස බැලිය හැකිය. "
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක්,ආසන්න වශයෙන් රුපියල් මිලියන විසි හයකී.ඒසා විශාල මුදලක් ගෙවා කෝපි කෝප්පයක් බීමට තරම් වත්කමක් ශ්‍රී ලංකාවේ කිසිම පුරවැසියෙකුට තිබේද?එය තමයි ඔබගේ හිතට එකවර ගලා ආ ප්‍රශ්නය.නමුත් එය නොමිලේ ලබා දුන්නොත් (කෝපි දන්සැලක්) ඔබ පානය කරනවාද?ඔබේ පිළිතුර ඔව් නම් තවත් මිනිත්තු කිහිපයක් ගෙන මේ ලිපියේ ඉතිරි කොටසත් කියවන්න.
ඔබත් කෝපි ප්‍රේමියෙක්ද?එසේනම් ලුවෑක් සිවෙට් කෝපි බොන්න කැමතිද?
කෝපි ප්‍රේමීන් ලෙස වෙනමම කොටසක් ලොව පුරා විසිරී සිටින බව ඔබ දන්නවාද?කෝපි යන වචනය ඇසූ පමණින්ම බඩ වේළවන කොටසක්ද ඇත.ශ්‍රී ලංකාවේ අපි නම් කෝපි පානය කරනුයේ අධික සීතලෙන් මිදීමට,බඩේ අමාරුවක් ඇති විට හෝ නිදිමැරීම අවශ්‍ය වූ විටය.එහෙත් ලොව පුරා විසිරී සිටින කෝපි හිතවත්හූ එය නිතිපතා පානය කරතී.මාද යම් තරමක කෝපි ප්‍රේමියෙකී.ඒ එහි ඇති නැවුම් සුවදත්,රසයත් නිසාය.කෝපි කෝප්ප දෙක තුනක් දිනකට පානය කිරීමෙන් වයස්ගත පෙනුම අඩු කරගැනීමට හැකිය.
කෙසේවෙතත්,අද වන විට වෙළෙදපොලේ විවිධ කෝපි වර්ග සිය ගණනාවක් ඇත.විවිධ රසයන්ගෙන්,විවිධ මිශ්‍රණවලින් මෙන්ම විවිධ සුවදින් යුත් කෝපි ලබා ගත හැකිය.එහෙත් ලොව වැඩිම වටිනාකමක් ඇති ලුවැක් සිවෙට් කෝපි කෝප්පයක ඔබ රස බලා තිබේද?ඒ ගැන අසා තිබේද?කෙදිනක හෝ බීමට බලාපොරොත්තුවක් තිබේද?ලුවැක් කෝපි කෝප්පයක් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන ඉන්දුනීසියාවේ විකුණා ඇති ඉහළ මිල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක් පමණ වේ.
ලුවැක් සිවෙට් කෝපි යනු කුමක්ද?එය නිෂ්පාදනය කරනුයේ කෙසේද?එය එතරම් මිල අධික වීමට හේතුව කුමක්ද?ඕනෑම මිල අධික නිෂ්පාදනයකම පොදු ලක්ෂණය නම් එහි දුර්ලබභාවයයි.එසේ නම් ලුවැක් සිවෙට් කෝපි දුර්ලභ වන්නේ ඇයි?කෝපි යනු ඝර්ම කලාපීය රටවල ඉතා සුලභව වැවෙන බෝගයක් නිසා අනිවාර්‍යයෙන්ම එහි නිෂ්පාදන ක්‍රියාවලිය මිල අධික එකක් විය යුතුය.අනෙක එය සුලභව පැවතුණත් ඒ සදහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගත හැකිද?
සිවෙට් යන ඉංග්‍රිසි වචනයේ සිංහල තේරුම වන්නේ උරුලෑවා යන්නයි.උරුලෑවා ගියා වගේ යන කියමන අපේ ගම්මුන් යොදා ගන්නේ අහල පහළ තෙක් මානයක සිටින්නට බැරි තරම් දුගදක් වහනය වන විටදීය.උරුලෑවා එතරම් ගද සතෙකි.
කෙසේ වෙතත් මේ විශේෂිත කෝපි වර්ගය නිෂ්පාදනයට බළල් පවුලට අයත් උරුලෑවා යොදා ගන්නා බව ඔබ දන්නවාද?ඒ කෙසේද?
මෙම කෝපි නිෂ්පාදනාගාරයන් තුළ උරුලෑවන් සමුහයක්ද සේවය කරයි.ඔවුන්ට තිබෙනුයේ එහි සේවකයන් ලබාදෙන හොදින් ඉදුණු කෝපි ඇට ගිල දැමීමයි.ඔබ මවිතයට පත්වන කාරණය එනුයේ ඉන් අනතුරුවය.එනම් එසේ ගිල දමන කෝපි ඇටවලින් එහි පොත්ත හා ගැටී ඇති රසවත් කොටස පමණක් මේ උරුලෑවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් අවශෝෂණය කරගෙන එහි ඇට අර්ධ වශයෙන් දිරවා ඔවුන්ගේ මළ ලෙස නැවතත් පිටකරයි.ආයතනයේ සේවකයන් ඒවා එකතු කරගනී.
එසේ එකතු කරගන්නා කෝපි ඇට හොදින් පවිත්‍ර කර අව්වේ වේලා ගනී.ඉන් පසුව සාමාන්‍ය කෝපි මෙන් කුඩු කර කෝපි නිෂ්පාදනය කරයි.උරුලෑවන්ට ගිලවන්නේ නැතිව කෝපි නිෂ්පාදනය කළා නම් ඉවරයි යන්න ඔබට මෙන්ම මටද මුලින් ඇති වූ සිතුවිල්ලකී.එහෙත් උරුලෑවාගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් එකතු කරන එන්සයිම සහ එම සතා විසින් ආහාරයට ගන්න වෙනත් ස්වාභාවික මල් වර්ග, කෝපි ඇටවල ඉහළ සුවදක් සහ රසයක් එක් කරයි.මිනිසාට අධික මුදලක් ඉපයීමට තමා දායක වන බව මේ තිරිසන් සතා දන්නවාද?ඇත්තටම මේ උරුලෑවා අප කලින් දැන සිටි ලංකාවේ වෙසෙන දුගද වර්ගයේ එවුන් විය නොහැක.එසේනම් එම ස්ථාන සදහා සේවකයන් හට විශාල වේතනයක් ලබා දිය යුතුය.නමුත් විවිධ රටවල විවිධ වර්ගයේ සතුන් ඇත.දැනට මෙවැනි කෝපි නිෂ්පාදනය කරනුයේ ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල්වල පමණී.නමුත් ශ්‍රී ලංකාවේ අපිටද මෙය අත්හදා බැලිය හැකි කදිම ආයෝජන අවස්ථාවකි.
මෙවැනි මිළ අධික කෝපි පානය වෙළද ගැටයක් බව බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පතට ලියන පීට් ක්ලාක් පවසයි.ඔවුන් මෙම කෝපි වර්ගය කොනෝෂර් එක්ස්ප්‍රසෝ ලෙස හදුන්වයි.ලංකාවේ අපිටනම් බෙහෙතකටවත් නොමිලේ මෙවන් කෝපි කෝප්පයක් පොවා ගන්නට බැරි බව නම් සහතිකය.මෙම කෝපි වර්ග නිෂ්පාදකයින්ගේ සංගමයක්ද ඇති අතර ඔවුන්ගේ නවතම සොයා ගැනීම වී ඇත්තේ ද ඇරබිකා නමැති කෝපි ඇට වඩාත් සුවදින් යුත් ලුවැක් සිවෙට් කෝපි ලබා දෙන බවත්ය.
ඉන්දුනීසියාවේදී උපත ලද ලුවැක් කෝපි වර්ගයට ලන්දේසී යටත් විජිත යුගයටත් වඩා වැඩි ඉතිහාසයක් ඇත.ලන්දේසීන් විසින් ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා ජාවා දූපත්වල කෝපි වගාව ව්‍යාප්ත කිරීමත් සමග ඉන්දුනීසියානු ජාතික ගොවියන්ට හා කම්කරුවන්ට තම පුද්ගලික පරිභෝජනය සදහා කෝපි නෙළීම තහනම් කරන ලදී.මේ නිසා ඉන්දුනීසියානූ ජාතිකයන් කෝපි තහනමට විකල්පයක් සොයා යෑමේදී සිවෙට් නමැති උරුලෑවා විසින් කෝපි ගෙඩි ආහාරයට ගෙන බීජ මළ සමග පිට කරන බව සොයා ගන්නා ලදී.ඒ අනුව ඉන්දුනීසියානූ ජාතිකයන් විසින් උරුලෑ මළවල ඇති කෝපි ඇට එකතු කර පිරිසිදු කොට බැද කුඩු කර පානයට ගන්නා ලදී.මෙම කෝපි වර්ගයේ වූ මිහිරි රසය නිසා එය ලන්දේසී යටත් විජිත පාලනය දක්වාම පැතිර යන්නට විය.එය ඒ සමය තුළද මෙකළ මෙන් මිල අධික කෝපි වර්ගයකි.
ක්‍රිෂාණි මල්ලව -

Geat one 🖤
ReplyDeleteTnQ😍🎉️❤️
DeleteWoooow......😯😯😯😯good job..😘
ReplyDeleteNiymai
ReplyDelete👍👌
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍✊
ReplyDeleteWow
ReplyDeleteWow
ReplyDeleteGood job
ReplyDeleteGood❤️💜️
ReplyDeleteArticle aka niyamai
ReplyDelete