මල්ලී , මේ මගේ wife
වැඩේ ලස්සනට
වෙන්න ඕනී කොල්ලෝ
කීයක් ගියත් කමක් නෑ...
"ආහ්හ් බබා මම ඔයාට තව පොඩ්ඩකින් ගන්නම් පැටියෝ.."
"මල්ලී පෙට්ටියට කීයක් ගියත් කමක් නෑ.වැඩේ හොදටම කෙරෙන්න ඕන."
හොදම වටිනම පෙට්ටියක්
වෙන්න ඕන මචන්
ඔය මූණේ තියෙන තැලුම් පාරවල්
ඒම වහපන්
බන් ඈ....
ඉක්මනින් මිනිය ගන්න
පුලුවන්නේ...
අද ගෝලයෝ කිසි කෙනෙක් නෑ
පැත්තෙම තියෙන ලොකුම
මල් ශාලාව මගේ
තාත්තගෙන් උරුම උන..
ඉතින් අද මොකෙක්වත් නැති
දවසක තමයි
එම්බාම් එකේ ඉදලා
ඔක්කොම කරන්න වෙන්නේ...
බෑ කියන්නත් බෑ
ගෑණි මැරුණම මේ තරම්
සතුටින් ඉන්න එකෙක්
දැක්කමයි මං
ඒ මදිවට තව එකියක්
හුරතල් කරනවා
එක්කෝ මට මොකද මූ ගැන
මගෙ වැඩේ කරන්න එපැයි
ඕනී දේවල් ළගට කරන්
මූණ කට වහගෙන
අත් දෙකට ග්ලවුසුත්
දාගෙන මං
මිනිය වහපු රෙද්ද අයින් කරා
දෙයියනේ
හීනයක්ද ඇත්තක්ද මේ
කියලා හිතාගන්න බැරිව
ආයිත් බැලුවා
ඇත්තක්😞
කාලයක් පණ තරම්
ආදරේ කරපු උබ
මාව දාලා යන්න බෑ කියලා
අඩපු උබ
ඔව් ඒ උබම තමයි මේ
ආයිත් මොහොතකට හිත දිව්වා අතීතෙට...
"ගෙදරින් කවදාවත් කැමති
වෙන්නේ නෑ මහත්තයෝ
මාව ගන්න ඔයා ළගට"
අපිව පෑහුණේ නැත්තේ
මිණී පෙට්ටී සාප්පූකාරයාගේ පුතා නිසා
මගේ පවුලේ අයව මරණවා කියලා
තර්ජනය කරපු නිසයි
උබ මං ළගට ගත්තත්
උබලගේ ගෙදර උන්
අපිට සතුටින් ඉන්න දෙන්නේ නැති නිසයි
උබව මං මග ඇරියේ
උබ ලස්සනට හැඩ වෙලා
පෝරුවක නැගලා
වෙන කෙනෙක්ගේ උනා...
මල්ලී,
මොකද තාම වැඩේ
ඉවර නැද්ද?
පැය තුනකටත් වඩා මං ඉදලා
තිබුණේ අතීතේ කියලා
දැනුණේ උගේ කටහඩින්
උබ මොනතරම් වදයක්
දුකක් විදින්න ඇති ද කියලා
තේරුණා මට
ඇග පුරා තිබ්බ තැලුම් පාරවල්
දැක්කම
කොහොමද මැණික උබව කපන්නේ
උබ මට මේ දුන්න දඩුවම සැර වැඩි නැද්ද
ඇස් පියාගෙන වගේ
කදුලු දෝරේ යද්දී
උබව මං හැඩ කරා 😞
සුරංගනාවියක් වගේ
මෙහෙට එද්දී
මූණේ නොතිබ්බ සිරියාවක්
දැන් තියෙනවා උබේ මූණේ
ඒ මං උබව ලස්සන කරපු නිසා වෙන්නැති
උබට පේනවා ඇති
හීන් සැරේ පාත් වෙලා
උබේ නළල ඉම්ඹේ
ඉස්සර තරම්ම ආදරයෙන්
නැගිටපන් රත්තරං
මගෙ හුස්මෙ රස්නේ
අදුනනවා උබ
ඉතින් මතු ආත්මෙක මගේම වෙනකම්
සුභ ගමන් මගෙ මැණික😞❤️
ක්‍රිෂාණි මල්ලව

Niyamai krish...
ReplyDeleteAththtma Lassnai ❤️😍
ReplyDeleteLassanai
ReplyDeleteHitha mokkda una
ReplyDeleteLassanai
ReplyDeleteAka...👌
ReplyDeleteඅනේ 😔😔😔💖
ReplyDeleteහදවතට ගොඩක් දැනුන ♥️
ReplyDeleteNiymai
ReplyDelete👍❤️
ReplyDeleteHarima lassani
ReplyDeletegood
ReplyDeleteLassana adahas tikak
ReplyDeleteලස්සනයි❤️👌
ReplyDeleteඒකනන් කදුලුත් ආවා.....
ReplyDelete🔥🔥🔥
ReplyDelete